ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියට ඕ.අයි.සීගෙන් අතවර
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියට ඕ.අයි.සීගෙන් අතවර

ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියට ඕ.අයි.සීගෙන් අතවර

ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අනුව සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ මඟින් නියෝග කර තිබේ. 

 

එම ආධුනික පොලිස් කොස්තාපල්වරිය විසින් සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයා තමාට ලිංගික අතවර කළේ යැයි කොළඹ කාන්තා හා ළමා ආරක්ෂක අධිකාරියේ මූලස්ථානයට කළ පැමිණිල්ලක විමර්ශන කටයුතු සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කර ඇත. 

 

සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා දින 03කට නිවාඩු ලබාගෙන ගොස් ඇති අතර මේ වන තුරුත් ඔහු සේවයට වාර්තා කර නැත. 

 

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර ඒ අනුව සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මඟින් නියෝග නිකුත් කර ඇත.

views

265 Views

Comments

arrow-up