"ආයේ ආවොත් අඩු කඩනවා.." අරගලය මැද හමුදාව සහ පොලීසිය ගැටේ

ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලම අසල අද (05) පැවැත් වූ සාමකාමී විරෝධතාව යුධ හමුදා අධිවේගී යතුරුපැදි ගමන්කිරීමත් සමග දැඩි උණුසුම් වුනා.
විරෝධතාකරුවන් අසලින් අධ්වේගීව මෙම යුධ හමුදා යතුරුපැදි කණ්ඩායම අවි ආයුධ සමග ගමන් කිරීමට උත්සහා කිරීමත් සමග එල්ල වූ දැඩි විරෝධය මත ආපසු හරවා යැවුනා.
නැවත නැවතත් මෙම අධ්වේගී යතුරුපැදි බලඇණිය විරෝධතාකරුවන් අතරට පැමිණීමට උත්සහ කිරීමත් සමග එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන්ගෙන්ද අදාල යතුරුපැදි කණ්ඩායමට එල්ලවුනේ දැඩි විරෝධයක්. මෙහිදී අදාල යතුරුපැදි කණ්ඩායම සහ පොලිස් නිලධාරීන් සමග උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වී තිබුණි.
3688 Views
Comments