පාස්කු ප්‍රහාරය: තිදෙනෙකුට ඇප ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

පාස්කු ප්‍රහාරය: තිදෙනෙකුට ඇප ඉල්ලයි

පාස්කු ප්‍රහාරය: තිදෙනෙකුට ඇප ඉල්ලයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වන ඉන්සාෆ් අහමඩ් හා ඉල්හාම් අහමඩ් යන දෙදෙනාගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව මැයි මස 25වන දින යළි කැඳවන නියෝග කෙරුණි.

 

ඒ අදාළ නඩුව ඊයේ(29) දින කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

 

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට නියමිත බවට තොරතුරු දැන සිටියදීත් ඒ බව පොලීසියට වසන් කළේ යැයි චෝදනා කරමින් මොහොමඩ් ඊබ්‍රාහිම් වෙත නඩු පවරා තිබූ අතර මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාරගත කර සිටින මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්‍රාහිම්, මොහොමඩ් ඉජාස් අහමඩ්, මොහොමඩ් ඊබ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් යන විත්තිකරුවන් තුන් දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

 

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දන්වා සිටියේය.

 

ඒ අනුව, නඩුව නැවත මැයි මස 25 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ හැකි බව විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුනි.

views

614 Views

Comments

arrow-up