පවුල් ආරවුල විසඳීමට පොලිසියට ගෙන්වූ තරුණයා කොස්තාපල්ටත් පහරදීලා

බිරිඳ සමග ඇතිවූ ආරවුලක් පොලිසිය මගින් විසඳීම සඳහා බිරිඳ සහ ඇයගේ සැමියාට පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දීමෙන් අනතුරුව පොලිසියට පැමිණි සැමියා පොලිස් කොස්තාපල්වරයකුට බැණවැදී නිල ඇඳුමෙන් අල්ලා හිසට පහරදීමේ සිද්ධියක් පිළිබඳව දොඹගහවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
දොඹගහවෙල මහරාව හංදිය අසල පදිංචි කාන්තාවක ඇයට පුරුෂයාගෙන් හිරිහැර වන බවට දොඹගහවෙල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
එය විසඳීම සඳහා බිරිඳට සහ පුරුෂයාට පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දී ඇත.
ඒ සඳහා ප‍්‍රථමයෙන් බිරිඳ පොලිසියට පැමිණ ඇත. නමුත් පුරුෂයා පැමිණ නැත.
පසුව පොලිසිය මගින් පුරුෂයා පොලිසියට ගෙන්වාගෙන ඇති අතර ඔහු බිරිඳට බැණ වැදී පහරදීමට උත්සාහ කර ඇත.
එම ගැටුම බේරීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට ද ඔහු පහර දී ඇත.
සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
749 Views
Comments