ගෑස් හිඟය හේතුවෙන් රට පුරා බේකරි සහ හෙළ බොජුන්හල් වැසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
23

ගෑස් හිඟය හේතුවෙන් රට පුරා බේකරි සහ හෙළ බොජුන්හල් වැසේ

ගෑස් හිඟය හේතුවෙන් රට පුරා බේකරි සහ හෙළ බොජුන්හල් වැසේ

දිවයින පුරා බේකරි පහළොස් දහසක් සහ හෙළ බොජුන්හල් එක් දහස් දෙසියයක් පමණ ඇතිවී තිබෙන ගෑස් හිඟය හේතුවෙන් වසා දමා ඇතැයි වාර්තාවේ. 

 

ප‍්‍රධාන නගර සහ උප නගරවල පවත්වාගෙන ගිය බේකරි වලින් සියයට 75ක් පමණ වසා දමා ඇතැයි බේකරි හිමියෝ පවසති.

 

නගරවලින් බැහැරව දර භාවිතයෙන් පවත්වාගෙන යන බේකරිවලින් බේකරි ආශ‍්‍රිත කෑම වර්ග නිෂ්පාදනය පිටි ඇතුළු යෙදවුම් වල මිල ඉහළ යාමෙන් පවත්වාගෙන යාමේ අර්බුදවලට පත්ව ඇති බවද ඔවුන් පවසයි. 

 

පාන් බනිස් ඇතුළු බේකර් ආහාරවල මිළ ඉහළ දැමීමත් සමඟ අලවිය පහළ ගොස් තිබෙන බවත් වාර්තාවේ.

 

මේ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සහ පෞද්ගලික අංශය මඟින් දිවයින පුරා ප්‍රධාන නගර උප නගර ආශ්‍රිතවත් ප්‍රධාන මාර්ග ආශ්‍රිතවත් පවත්වාගෙන යන හෙළ බොජුන්හල් ගෑස් හිඟය නිසා වසා දමා තිබෙන බව පැවැසේ. 

 

මේ වනවිට හෙළ බොජුන් හල් 1,200ක් පමණ වසා දමා ඇත. 

views

691 Views

Comments

arrow-up