දොස්තරගේ මෝටර් රථය ත්‍රීරෝදයේ හා යතුරුපැදියේ ගැටී යතුරුපැදිකරු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
23

දොස්තරගේ මෝටර් රථය ත්‍රීරෝදයේ හා යතුරුපැදියේ ගැටී යතුරුපැදිකරු මරුට

දොස්තරගේ මෝටර් රථය ත්‍රීරෝදයේ හා යතුරුපැදියේ ගැටී යතුරුපැදිකරු මරුට

මහනුවර, රන්දෙණිගල රජ මාවතේ ගුරුදෙණිය ප්‍රදේශයේදී ඊයේ(22) මහනුවර මහ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් පැදවූ මෝටර් රථයක් යතුරුපැදියක හා ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ මාරක අනතුරින් යතුරුපැදිකරු මියගොස් යතුරුපැදියේ පසුපස ගමන්ගත් කාන්තාවක් හා ත්‍රිරෝද රථයේ ගමන්ගත් මව, පියා හා මාස හතරක් වයසැති බිළිදුන් දෙදෙනෙකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි තලාතුඔය පොලිසිය පවසයි. 

 

අනතුරින් තුවාල ලැබූ බිළිදුන් දෙදෙනා මාස හතරක් වයසැති නිවුන් සහෝදරයින් දෙදෙනෙකු වේ.

 

මොවුන් වත්තේගම ප්‍රදේශය් සිට හඟුරන්කෙත ප්‍රදේශයේ බිරියගේ නිවසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

 

ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ කොළඹිස්ස නවනැලිය ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් මධුෂංක ගුණසිංහ නැමැති 20 හැවිරිදි ඇඟලු‍ම් සේවකයෙකි. 

 

ඔහු සමඟ පසුපස ගමන් ගත් කාන්තාවද ඇගලු‍ම් කම්හලෙ සේවයේ නියුතු බව පොලිසිය කියයි. 


කාර් රථය පැදවූ වෛද්‍යවරයා මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුද තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.

views

677 Views

Comments

arrow-up