අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
16

අද කාලගුණය

අද කාලගුණය

මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතී.

 

ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ.

 

සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 4.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

 

කළුතර සිටගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40පමණ දක්වා වැඩි විය හැක

 

කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

views

688 Views

Comments

arrow-up