ඩීසල් හිඟය අවසන් - දිනකට මෙටි‍්‍රක් ටොන් 8000 බැගින් ඩීසල් එළියට

ඩීසල් හිඟය අවසන් කිරීම සඳහා දිනකට මෙටි‍්‍රක් ටොන් 8000 බැගින් ඞීසල් නිකුත් කිරීමට තෙල් සංස්ථාව කටයුතු කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඞී. ආර්. ඔල්ගා මහත්මිය (08) ප‍්‍රකාශ කළාය.
තෙල් සංස්ථාව සතුව පෙට‍්‍රල් තොග පිළිබඳ ගැටලූවක් නොමැති බවත් ඞීසල් හිඟය ද අවසන් කිරීම සඳහා ඞීසල් තොග සංස්ථාවට ලැබී තිබෙන බවත් ඇය කීවාය.
අද (09) දිනය තුළ තවත් ඞීසල් නැවක් පැමිණෙන බවත් දැනට පැමිණ තිබෙන ඞීසල් නැවේ ඉන්ධන ගොඩ බෑම ඊයේ මුදල් ගෙවීමෙන් පසු සිදුකිරීමට සූදානමක් තිබෙන බවත් ලේකම්වරිය පැවසුවාය.
ඉන්දීය තෙල් සමාගම විසින් ලබාදෙන පෙට‍්‍රල් නැවක් මාර්තු 15,16 වනවිට ද තවත් ඞීසල් නැවක් මාර්තු 20-21 වනවිට ද පැමිණීමට නියමිත බවත් පැවසූ බලශක්ති ලේකම්වරිය දෛනික ඞීසල් බෙදා හැරීම මෙටි‍්‍රක් ටොන් 5000ක් වුවද පවතින ඉල්ලූම නිසා එම ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 8000ක් දක්වා වැඩිකර ඇතැයි කියා සිටියා ය.
712 Views
Comments