පෙමට පිටුපෑවයි සිසුවිය පොරෝවෙන් ගසා මරා දමලා - කාන්තා දිනයදා ඇසෙන අහස පොළොව නුහුලන අපරාධය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
09

පෙමට පිටුපෑවයි සිසුවිය පොරෝවෙන් ගසා මරා දමලා - කාන්තා දිනයදා ඇසෙන අහස පොළොව නුහුලන අපරාධය

පෙමට පිටුපෑවයි සිසුවිය පොරෝවෙන් ගසා මරා දමලා - කාන්තා දිනයදා ඇසෙන අහස පොළොව නුහුලන අපරාධය

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි තිබු ඊයේ(08) දින සවස පාසල නිමවී නිවසට යමින් සිටි සිසුවියක තියුණු පොරෝවකින් පහරදී ඝාතනය කර ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.

 

හාලිඇල, උඩුවර වත්ත පහළ කොටසේ පදිංචි ධර්මරාජ් ලිබියා නැමති 18 හැවිරිදි පාසල් සිසුවිය මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.


 
එම ප්‍රදේශයේම පදිංචි බව කියන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිස් කණ්ඩායම් හතරක් යොදවා සැකකරු අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් පොලිසිය පැවසීය.

 

හාලිඇල දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඝාතනයට ලක්වු සිසුවිය පාසල නිමවී බසයෙන් ගමන්කර එයින් බැස උඩුවර වලස්බැද්ද මාර්ගයේ පාගමනින් යන අතරතුර ඇගෙන් ආදරය අයැද සිටි තරුණයෙකු පොරෝවෙන් හිසට කිහිපවරක් පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

 

ඝාතනයට ලක්වු තරුණියගෙන් වසර කිහිපයක සිට ආදරය අයදිමින් සිටි සැකකාර තරුණයා පසුගිය වසරේදි සිසුවියගේ මවට හා සහෝදරයෙකුට පොරෝවකින් පහරදීමක් සම්බන්ධයෙන් සමථ මණ්ඩලයේ නඩුවක්ද පැවැත්වෙන බව පොලිසිය වැඩි දුරටත් පැවසීය.

views

791 Views

Comments

arrow-up