බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් ප්‍රදේශ රැසකට වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
02

බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් ප්‍රදේශ රැසකට වැසි

බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් ප්‍රදේශ රැසකට වැසි

නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින අතර එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


මෙහි බලපෑම හේතුවෙන් අද දින (02) රාත්‍රියේ සිට 04 දින දක්වා උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.


නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලාකුළින් බරව පවතී.

 

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑලිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

 

උතුරු පළාතේත් මහනුවර, හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.


සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී (40-50) දක්වා වැඩි විය හැක.  


ත්‍රිකුණාමලය සිට මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී.(30-40) පමණ වේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ ත්‍රිකුණාමලය සිට   මඩකලපුව සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-55) පමණ දක්වා වැඩි විය හැක.


කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ ත්‍රිකුණාමලය සිට   මඩකලපුව සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

views

718 Views

Comments

arrow-up