රජකාලෙ ගල්කණු ගල් කරන්න ගිය හිටපු පළාත් මන්ත්‍රි අල්ලයි

මුලතිව් තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක තිබූ ඉපැරණි ගල්කණු ගලවා රැගෙනයමින් සිටි හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් නවදෙනකු අත්අඩංගුවටගත් බව ඔඞ්ඩුසුඩාන් පොලිසිය කියයි.
වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට සූදානම් සිටින පිරිසක් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකල වැටලීමකදී පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගල්කණු දෙකක් රැගෙනයමින් සිටියදී අදාල පිරිස අත්අඩංගුවටගෙන ඇතැයිද පොලිසිය පැවසීය.
ඉදිරි විමර්ශන කටයුතු ඔඩ්ඩුසුඩාන් පොලීසිය සිදු කරයි.
681 Views
Comments