"පිටි කිරි වලට වතුර දමලා පොවලා ළමයි ලෙඩ වෙලා ගෙදර ලයිට් කපලා ඉන්නේ කළුවරේ" - දරුවන් තිදෙනෙකු සමඟ තනිවූ මවක් ආයාචනයක

කිරි ටිකක් නොමැතිව නිවුන් පුතුන් දෙදෙනාත් කෑමක් බීමක් හරියට නැතිව අවුරුදු 02ක පුතාත් අසනීප වී ඇති බැවින් දරුවන්ට කිරිපිටි ටිකක් සොයා දෙන්නැයි තිදරු මවක් ඉල්ලා සිටින්නීය.
සැමියා අතහැර ගොස් ඇති ඇය මාස 04ක් වූ නිවුන් පුතුන් දෙදෙනාත් වයස අවුරුදු දෙකහමාරක් පමණ වූ වැඩිමල් පුතා සමඟ අනේක දුක් කම්කටොලු වලට මැදිවී කුසගින්නේ සිටින බව ඇය පැවසුවාය.
අලවතුගොඩ කැන්දගොල්ලේ පදිංචි රේවතී තවමත් 21 හැවිරිදිය.
ළාබාල වියේදී විවාහයක බැඳුණු ඇයත් දෙහැවිරිදි පුතාත් මාස හතරක් වයසැති නිවුන් දරු දෙදෙනාත් අතහැර සැමියා වෙනතක යෑම නිසා මේ වන විට කිසිඳු පිළසරණක් ඇයට නැත.
මාස හතරේ දරුවන් දෙදෙනාට කුසගිනි වැඩි කමට එක් කිරි පැකට්ටුවට වතුර දමා බොන්නට ලබා දීම නිසා දරුවන් අසනීප තත්වයකට පත්වූ බව රේවතී පැවසුවාය.
දිනකට එක් කිරි පැකට්ටුවත් උවමනා බවත් දරුවන්ගේ කිරි පැකට්ටුවක් රුපියල් 800ක් පමණ වන බවත් ඇය සඳහන් කළාය.
තමන්ගේ 18 හැවිරිදි මලණුවන් කෝපි සහ ගම්මිරිස් කඩා දිනකට උපයාගන්නා මුදලින් තම දරු තිදෙනාත් මව, පියා සහෝ සහෝදරයා ජීවත් කරවන බව ඇය කීවාය.
කඩා වැටීමට ආසන්න මැටි ගැසූ කුඩා කාමරයක අඩුපාඩු රැසක් මධ්‍යයේ ජීවත් වන රේවති සහ නිවුන් දරුවන් දෙදෙනාත් රාත්‍රී කාලයේ මේ දිනවල කළුවරේ සිටින්නේ රුපියල් 30 000කට ආසන්න විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකි වී ඇති නිසාය.
පළමු දරුවා ඉපිද මාස කිහිපයක් ගතවෙද්දී සැමියා ඇය අතහැර ගොස් නැවතත් වසරකින් පැමිණ ඇති අතර එවැනි දරු උපත ලෙස නිවුන් දරුවන් කුසට එද්දී දරුවන් මෙලොව එළිය දකින්නටත් පෙර නැවත තමා අතහැර ගිය බව ඇය සඳහන් කළාය.
මෑණියන් සහ සහෝදරියන් නොමැති නම් මේ වන විට තම ජීවිත තත්වය කුමක් විය හැකි දැයි ප්‍රශ්න කරයි.
ඇයගේ එකම බලාපොරොත්තුව සහ ඉල්ලීම බවට පත් වූයේ දරුවන් ලොකු මහත් කරගන්නා තුරු ඔවුන්ට අවශ්‍ය කිරි පිටි ටික ලබා ගැනීමට උදව් කරන ලෙසය.
තිදරු මවක් වූ රේවතීට හැඳුනුම්පතක් නොමැති අතර ඇත්තේ උප්පැන්න සහතිකයක් පමණි.
Source - මව්බිම පුවත්පත
2281 Views
Comments