ආපනශාලා මුළුතැන්ගෙහිදී කෝකියෙක් සිරුරට ගිනි ඇවිළී මියයයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

ආපනශාලා මුළුතැන්ගෙහිදී කෝකියෙක් සිරුරට ගිනි ඇවිළී මියයයි

ආපනශාලා මුළුතැන්ගෙහිදී කෝකියෙක් සිරුරට ගිනි ඇවිළී මියයයි

ආපන ශාලාවේ මුළුතැන්ගෙහිදී සිරුරට ගිනි ඇවිළීමෙන් පසුගිය 14 වැනිදා උදෑසන 8ට පමණ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලිසිය පවසයි.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ ලිඳුල ලැමරියර් වතුයායේ පදිංචි මරුදෙයිවිරන් පෙරුමාල් නමැති 74 හැවිරිදි තිදෙරු පියෙකි.

 

ජීවිතක්‍ෂයට පත්වූ අය ලිඳුල නගරයේ ආපනශාලාවක කෝකියෙකු වශයෙන් සේවය කළ බවත්, සුපුරුදු ලෙස අලූයම ආපන ශාලාව වෙත පැමිණි එම පුද්ගලයා ආහාර පිසිමින් සිටින අවස්ථාවේදී සිරුරට ගිනි ඇවිළීමෙන් ආපනශාලාවේ උඩු මහලේ පිහිටි මුළුතැන්ගෙහිදී ජීවිතක්‍ෂයට පත්වූ බවට සැක කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලිඳුල පොලිසිය කියයි.

 

සිරුරට ගිනි ඇවිළෙන අවස්ථාවේදී ආපනශාලාවේ කිසිවෙකු සිට නොමැත. 

 

ආපනශාලා හිමිකරු වෙළෙඳසැලට පැමිණ පරීක්ෂා කරන අවස්ථාවේදී කෝකියා සිරුරට ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසියට දැනුම් දී ඇති බව මරණය පරීක්ෂණය පවත්වන ලිඳුල පොලිසිය කියයි.

views

690 Views

Comments

arrow-up