තම පියාට සහ 3 හැවිරිදි දරුවාට අමානුෂික ලෙස පහරදුන් බේබදු පුතෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

තම පියාට සහ 3 හැවිරිදි දරුවාට අමානුෂික ලෙස පහරදුන් බේබදු පුතෙක්

තම පියාට සහ  3 හැවිරිදි දරුවාට අමානුෂික ලෙස පහරදුන් බේබදු පුතෙක්

අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර පැමිණ තම 82 හැවිරිදි පියාට සහ වයස අවුරුදු 3ක් වන කුඩා දරුවාට පහර දුන් පුද්ගලයකු පෙරේදා අම්පාර උහන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

37 හැවිරිදි එම සැකකරු කුලී වැඩ කරන අයෙකු වන අතර ඔහු තදින්ම කසිප්පු පානයට ඇබ්බැහි වී ඇති අතර ඔහුගේ බිරිඳද ඔහුව හැර දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

සැකකරු බීමත්ව පැමිණ කෝටුවකින් ඉතා අමානුෂික ලෙස 3 හැවිරිදි දරුවාට පහර දෙන දුටු සැකකරුගේ පියා "අනේ ඔය නොදරුවාට ගහන්න එපා" යැයි ඔහුගෙන් බැගාපත් වී තිබෙනවා.

 

ඒ අවස්ථාවේ උරණ වූ සැකකරු ඔහුට ද පහර දී තල්ලුකර දමා ඇති අතර පහරකෑමට ලක්වූ පියාගේ පැමිණිල්ලකට අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

views

701 Views

Comments

arrow-up