පානදුර සලිඳුගේ ලක්ෂ 80ක කුඩු සල්ලි කළුගල් ගොඩකින් මතුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
23

පානදුර සලිඳුගේ ලක්ෂ 80ක කුඩු සල්ලි කළුගල් ගොඩකින් මතුවෙයි

පානදුර සලිඳුගේ ලක්ෂ 80ක කුඩු සල්ලි කළුගල් ගොඩකින් මතුවෙයි

විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරමේ නිරතවන ”‍පානදුර සළිදු”‍ නැමැත්තාට අයත් බව පැවසෙන රුපියල් අසූ ලක්ෂ එක්දහසක මුදලක්  පානදුර, විහාරස්ථානයක කළුගල් ගොඩක සඟවා තිබියදී සොයාගෙන, ජාවාරම් මුදල් එකතු කරන පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු පැකට් කිහිපයක්ද  සමගින් ඊයේ(22) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

 

පානදුර කොට්ඨාස බුද්ධි ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත ”‍පානදුර සළිදු”‍ නැමැත්තාගේ මුදල් එකතු කරන ප්‍රධාන ගෝලයෙකුගේ නිවස පරීක්ෂා කර ඇති අතර, කුරුප්පුමුල්ල විහාරස්ථානයක කළුගල් ගොඩක විශාල මුදලක් සඟවා ඇතැයි තොරතුරු ලැබුණු බව පොලිසිය සඳහන් කරයි.

 

ඒ අනුව පොලිස් කණ්ඩායම විහාරස්ථානයේ ගොඩගසා තිබූ ගල්ගොඩ පරීක්ෂා කිරීමේදී කළු පැහැති පොලිතින් ආවරණයකින් ආවරණය කර හිස් සහල් උරයක බහා තිබූ රුපියල් අසූ ලක්ෂ එක්දහසක මුදල සොයාගත් බව උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.

 

ජාවාරම් මුදල් එකතු කරන බව කියන පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකුද හෙරොයින් මත්කුඩු පැකට් තුනක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

721 Views

Comments

arrow-up