ඇමෙරිකාව ගෝඨාභයට නඩු දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

ඇමෙරිකාව ගෝඨාභයට නඩු දමයි

ඇමෙරිකාව ගෝඨාභයට නඩු දමයි

අමෙරිකානු රජය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එරට අධිකරණයක් හමුවේ නඩු පවරා ඇති බව වාර්තාවේ. 

 

2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම නඩු පැවරීම සිදුකොට ඇතැයි දැනගන්නට තිබේ.

 

ඒ අනුව කිසියම් මොහොතක හිටපු ජනාධිපතිවරයාට එම අධිකරණ කටයුතුවලට මුහුණදීම සඳහා අමෙරිකානු අධිකරණයෙන් කැදවීමක් ලැබෙනු ඇති බව පැවසේ.

 

හිටපු ජනාධිපතිවරයා මේ වනවිට අමෙරිකාවෙන් ග්‍රීන් කාඩ් වීසා පහසුකම සදහා අයදුම් කර ඇති අතර මෙම තත්ත්වය යටතේ එයද අහිමි වී යාමේ අවදානමක් මතුව ඇතැයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

views

236 Views

Comments

arrow-up