පළාත් කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මි.මි 50 ඉක්මවූ වැසි

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද ඇතිවිය හැක. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසනකාලයේ දී මීදුම් සහිත තත්ත්වයක්ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ ත්‍රිකුණාමලය සිට හම්බන්තොට හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා වන දිශා වලින් හමාඑයි.
සුළගේවේගයපැ.කි.මී. (20-30) පමණවේ.
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේවේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.
ගාල්ල සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවේ.
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළුවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
656 Views
Comments