ගාලු කොටුවේ ප්‍රධාන දොරටුව මාසයක් වැසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
27

ගාලු කොටුවේ ප්‍රධාන දොරටුව මාසයක් වැසේ

ගාලු කොටුවේ ප්‍රධාන දොරටුව මාසයක් වැසේ

ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවෙ ප්‍රධාන දොරටුව සංරක්ෂණය කිරීම වෙනුවෙන් මේ මස 28 වැනි දින රාත්‍රී 12 සිට පුරා මාසයක් එම ස්ථානය මහ ජනතාවට සහ කොටුවට පිවිසෙන වාහන වෙනුවෙන් වසා තැබෙන බව උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ ගාල්ල කොටුව සංරක්ෂණ කටයුතු භාර ප්‍රධාන උපදේශක නිලාන් කුරේ මහතා පවසනවා

 

1873 බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකළ මෙම ප්‍රධාන කොටු දොරටුව ඉදිකිරීමෙන් පසුව මෙම කොටු දොරකඩ කිසිම සංරක්ෂණයක් කර නොමැත ප්‍රධාන දොරටුව අලුත් වැඩියා කරන කාල සීමාව තුළ ගාල්ල කොටුවට පිවිසෙන ජනතාවට සහ වාහන වලට ගාල්ල බාලදක්ෂ මාවතේ පිහිටි පැරණි කොටු දොරකොඩ භාවිතා කිරීමට හැකියාව පවතී.

views

668 Views

Comments

arrow-up