"වන විනාශයට අවසර දී නැහැ, කැලෑ කපන්නන් අල්ලන්න" - ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
20

"වන විනාශයට අවසර දී නැහැ, කැලෑ කපන්නන් අල්ලන්න" - ජනපති

"වන විනාශයට අවසර දී නැහැ, කැලෑ කපන්නන් අල්ලන්න" - ජනපති

ගස් කපා වනාන්තර විනාශය සිදු කිරීමට කිසිවෙකුට අවසර ලබාදී නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.

 

ගම්මානවල පාරම්පරිකව ගොවීන් වගා කළ භූමි නිදහස් කර දෙන ලෙස තමා ලබාදුන් උපදෙස් ඇතමුන් වැරැදි ලෙස අර්ථකථනය කරමින් පරිසරයට හානි කරන්නේ නම් ඒ සඳහා වනජීවී සහ වන සංරක්ෂණ නිලධාරීන් පියවර ගත යුතු බව ජනාධිපතිවරයා කියා සිටියා.

 

පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් සමඟ පිළිසඳරක් වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළා. "මේ වැඩසටහන ගැන විරුද්ධවාදීන් බොහොම ඉන්නවා.

 

''මේකේ වැරදි පැති පෙන්වලා දෙන්න ඒ ගොල්ලොත් බය ඇති රාජ්‍ය නායකයා ගිහිල්ලා මිනිස්සු හමුවෙලා කතා කරනකොට ඒගොල්ලන්ට ඉස්සරහට තිබෙන අවස්ථා නැති වෙයිදෝ කියලා බයකුත් ඇති. එහෙම බය වෙන කොට තවත් යන්න ඕන. තව බය කරන්න. ඒක තමයි උපක්‍රමය. මම සමහර කියන ඒවා වැරදියට අර්ථකථනය කරනවා. මම ගිය හැම තැනකම වගේ ඉඩම් ප්‍රශ්න පිළිබඳව හැම තැනකදිම කිව්වා. බොහෝ වෙලාවට පාරම්පරිකව තමන් වගා කළ තමන්ගේ වගා භූමිය ළඟම තිබෙන භූමියේ පසුව වන රක්ෂණ වන ජීවී වලින් මායිම් ගල් දෙ වීමේදි යම්කිසි දෝෂයක් නිසා පාරම්පරිකව වගා කළ භූමි අල්ලලා මායිම් ගල් දාලා තියෙනවා.

මේ කතාව හැම තැනකදීම වගේ කිව්වා. මම ප්‍රතිපත්තියක් වශයෙන් අපි සාකච්ඡා කරලා කිව්වා මේ අයට පාරම්පරිකව වගා කරපු බිම් ඉඩ දෙන්න කියලා. ඒකෙ මන් දන්නෑ තේරුම යන්න ඇත්තේ මොකක්ද කියලා. නමුත් එහෙම තියෙද්දි වනාන්තරයේ ගිහිල්ලා වලය කපන්න අවසර දීලා නෑනේ. කැලයක් කපනවා නම් නිලධාරීන් වහාම ඒක නවත්තන්න ඕනේ. ඒක නෙමෙයි කියලා තියෙන්නේ. නමුත් තමන් වගා කරපු භූමි අර ගූගල් මැප් එකෙන් බලලා ලකුණු කලහම ඒක වැරදි වෙන්න පුළුවන්. ඒවා නිවැරදි කරලා දෙන්න ඕන...ඒක තමයි මම කිව්වේ. මේක කඩාකප්පල් කිරීමේ අදහසින් වැරදි මතය එන්ව.. එතකොට අර අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නෑ. සමාජ මාධ්‍යයත් ලෑස්ති වෙලා ඉන්නවා ඒ වගේ බොරු ප්‍රචාර කරල මේ වගේ වැඩ කඩාකප්පල් කරන්න."

 

 

 

 

 

views

842 Views

Comments

arrow-up