මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම් සොයා බලන කොමිසමට නව කොමසාරිස්වරියක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා නව කොමසාරිස්වරිය පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.
ඊයෙ ජනාධිපති ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසමේ කොමසාරිස් වරියක ලෙස යෝගේශ්වරී පත්ගුණරාජා මහත්මිය පත්කර තිබෙනවා.
ජනවාරි 20 සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රි පුද්ගල කොමිෂන් සභාවෙන් මෙරට සිදුවී ඇතැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සොයා බලා ඒ සඳහා වශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත ලබා දීම සිදුකෙරෙනවා.
මෙම කොමිෂන් සභාවේ සභාපතිත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු a.h.m. නවාස් මහතා දරන අතර විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ ශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්තුරුන් සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.
724 Views
Comments