FEB
13
නෙළුව- මැදගම නිවසක් තුළදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

නෙළුව මැදගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී හතළිස් පස් හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර මැදගම ප්‍රදේශයේ ඉඩම් වල වැඩ කිරීම සඳහා පැමිණ අතර මියගිය නිවසේ නවාතැන්ගෙන සිටි බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ රාත්‍රියේදී ඔහුව ඝාතනය කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා.
එම නිවසේම ඔහු සමඟ තවත් පුද්ගලයෙකු නවාතැන්ගෙන සිට ඇති අතර ඝාතනයෙන් පසු එම පුද්ගලයා ද පළා ගොස් සිටින බවයි වාර්තා වන්නේ.
724 Views
Comments