කාත්තන්කුඩි හිදී අයි එස් කෝටිපතියෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

කාත්තන්කුඩි හිදී අයි එස් කෝටිපතියෙක් අත්අඩංගුවට

කාත්තන්කුඩි හිදී අයි එස් කෝටිපතියෙක් අත්අඩංගුවට

අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය” සමඟ සම්බන්ධතා පවත්වමින් ශ්‍රී ලංකාව තුළ අයි එස් මතවාදය ව්‍යාප්ත කිරීමට කටයුතු කළැයි කියන කාත්තන්කුඩි ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් ත්‍රස්ත මර්දන කොට්ඨාසය විසින් කාත්තන්කුඩියේදී පෙරේදා (02) අත්අඩංගුවට ගනු ලැබීය.

 

අයි එස් ත්‍රස්ත සංවිධානයේ මතවාදය මෙරට ප්‍රචලිත කිරීම සඳහා එම සංවිධානය මෙම සැකකාර කෝටිපති ව්‍යාපාරිකයාට රුපියල් කෝටි ගණනින් මුදල් ආධාර ලබාදී ඇති බවට බුද්ධි අංශවලට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.



අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ප්‍රබල සාමාජිකයකු ඉන්දියාවේදී එරට පොලීසිය විසින් ඉකුත් 30 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙම සැකකරු එම පුද්ගලයා සමග ද ඉතාමත්ම සමීපව සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

 

ඉන්දීය බුද්ධි බළකායේ සහ මෙරට යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරු අනුව අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු, මඩකලපුව කාත්තන්කුඩි 01 ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු බවට හඳුනාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

අත්අඩංගුවට ගනු ලැබ සිටින සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා අයි එස් මතවාදයට තරුණ කොටස් නැඹුරු කරගන්නා ආකාරයේ දේශන සහ අ

 

දහස් අන්තර්ජාල ඔස්සේ ප්‍රචාරය  කරමින් එම තරුණ ප්‍රජාව එක් රැස්කරගැනීමේ කටයුත්තක නිරතව සිට ඇති බවට ද බුද්ධි තොරතුරු වලින් අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

 

ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ ඉකුත් 2002 වර්ෂයේදී අයි එස් ත්‍රස්තයන් විසින් සිදුකරනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බව කියන මෙම සැකකාර ව්‍යාපාරිකයා ඉන්දියාවේ පොලිසිය විසින් අඅංගුවට ගනු ලැබ වසර දෙකකට අධික කාලයක් එරට බන්ධනාගාරයක රඳවා සිටි අයකු බවද පැවසෙයි.



පසුව මෙම ව්‍යාපාරිකයා ඉකුත් 2018 වර්ෂයේදී මෙරටට පැමිණ ඇති බවත් මෙරට සිටිමින් සිරියාව, ඉන්දියාව ඇතුළු රටවල අයි එස් ත්‍රස්තයන් සමග සම්බන්ධ වෙමින් කටයුතු කර ඇති බවට බුද්ධි තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලීසිය කියයි.

 

මෙම සැකකරු ත්‍රස්ත මර්දන ඒකකය විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද පොලීසිය සඳහන් කරයි.

views

192 Views

Comments

arrow-up