වතුර ඉල්ලූ දැරිය කෙළෙසූ හමුදා සෙබළා ඇතුළු තිදෙනා සොයා පොලිස් මෙහෙයුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

වතුර ඉල්ලූ දැරිය කෙළෙසූ හමුදා සෙබළා ඇතුළු තිදෙනා සොයා පොලිස් මෙහෙයුම්

වතුර ඉල්ලූ දැරිය කෙළෙසූ හමුදා සෙබළා ඇතුළු තිදෙනා සොයා පොලිස් මෙහෙයුම්

බාලවයස්කාර පාසල් සිසුවියක් අවස්ථා ගණනාවකදී දූෂණයට ලක්කළ යුද හමුදා සෙබළකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ඉකුත් 04 දා ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.

 

දැරිය අමතර පන්තියකට සහභාගී වී පැමිණෙන අතරමඟදී සැකකාර හමුදා සෙබළාගේ නිවසට ගොස් ජලය පානය කිරීමට ඉල්ලා සිටි අවස්ථාවේදී මෙම සෙබළා විසින් තමාව අපයෝජනයට ලක්කළ බව දැරියගේ ප්‍රකාශයක සටහන්ව ඇතැයි පොලිසිය සඳහන් කළේය.

 

අනතුරුව අවස්ථා කිහිපයකදී එම ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි සහ 18 හැවිරිදි තරුණයන් දෙදෙනකුද දැරිය දූෂණයට ලක්කර ඇති අතර පසුව එම එක් සැකකරුවකු විසින් මුදල් ලබාදී මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළහොත් මරා දමන ලෙසට බිය ගන්වා ඇතැයිද වින්දිත දැරියගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත.

 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කවරක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

views

251 Views

Comments

arrow-up