පිය පුතු මරා නිදැල්ලේ සිටි විශ්‍රාමික සෙබළා වසර 31කට පසු කොටුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

පිය පුතු මරා නිදැල්ලේ සිටි විශ්‍රාමික සෙබළා වසර 31කට පසු කොටුවෙයි

පිය පුතු මරා නිදැල්ලේ සිටි විශ්‍රාමික සෙබළා වසර 31කට පසු කොටුවෙයි

පිය පුතු ඝාතනක් කර කිසිදු හෝඩුවාවකට ඉඩක් නොතබා වසර තිස් දෙකක් නිදැල්ලේ හැසිරුණු විශ්‍රාමික හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

 

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ කරුණාරත්නගේ රාජා (47) පියා හා ඔහුගේ පුතු වන කරුණාරත්නගේ රංජිත් කුමාර (21) තරුණයාය.

 

පොලිස්පතිවරයාට ලිඛිතව කරන ලද පැමිණිල්ලක් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ ඒකක 1 භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ඒ. එල්. එස්. මුණසිංහ මහතා විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

 

ඝාතනයට ලක්වූ කරුණාරත්නගේ රාජා නමැත්තා බිරිඳ හා දරු දෙදෙනා සමග මහරගම ප්‍රදේශයේ ජීවත්ව ඇති අතර එම කාන්තාව දරු දෙදෙනා අත්හැර වෙනත් පුරුෂයකු සමග යෑම හේතුවෙන් දරු දෙදෙනා නුගේගොඩ ප්‍රදේශයේ මිතුරකුට භාරදී ඔහු කුවේට් රටේ රැකියාවක් කරා පිටත්ව ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

වාද්දුව ප්‍රදේශයෙන් එරටට පැමිණි වැන්දඹු කාන්තාවක සමග හිතවත් වී තිබූ ඔහු පසුව එම කාන්තාව සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

 

සිද්ධියට අදාළ කරුණාරත්නගේ රාජා නමැත්තා මොරටුව නිවසට පැමිණ පුටුවක වාඩිවී සිටිද්දී කාන්තාව මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමත් යුද හමුදා සෙබළා එල්ල කරන ලද පොලු පහරකිනුත් ඔහු ඝාතනය වී තිබූ බව පොලිසිය කියයි.

 

තම සැමියාගේ පියා සහ සහෝදරයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පියා විසින් අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාව සැක බව කරුණාරත්නගේ රාජා නමැත්තාගේ දෙවැනි පුතුගේ බිරිඳ පොලිස්පතිතුමාට ඉකුත් පෙබරවාරි මස කරන ලද පැමිණිල්ලක් අනුව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ ඒකක එක බාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මුණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පුරා මාස 7කට ආසන්න කාලයක් සිදුකළ විමර්ශන වල ප්‍රතිඵලයක් ලෙස ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

 

මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරේ.

views

261 Views

Comments

arrow-up