“සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්” වර්ජනයක?

අළෙවියට සාපේක්‍ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටමෙන් කොටසක් බද්දක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදීගැනීමට තැන්පත් කරන මුදලින් අයකරගත හොත් ඉන්ධන ඇනවුම කිරීම නතර කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත ඉන්ධන අලෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටම මුදලින් සියයට 45 ක් මාසික පරිහරණ ගාස්තුව ලෙස අයකර ගැනීමට සංස්ථාව ගෙන ඇති අත්තනෝමතික තීරණයට බෙදුම්කරුවන් විරෝධය පළකරන බවත් සියලුම සංස්ථා පාලිත බෙදුම්කරුවන් සංස්ථාවට සියයට 0.25 ක මාසික ගාස්තුවක් ද මේ වන විටත් ගෙවන බවත් නාඔටුන්න කීය.
සංස්ථාව බෙදුම්කරුවන්ට ගෙවන වට්ටම මුදල සිමාකිරීමට ගන්නා උත්සාහය බෙදුම්කරුවන් සිව්දෙනෙකු බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය වෙතින් ලබාගෙන ඇති වාරණ නියෝගයකින් අත්හිටුවා ඇති බව කී හෙතෙම එසේ තිබියදී දැනටමත් ගෙවා ඇති වට්ටම මුදලින් අයකර ගැනීමට සංස්ථාව කටයුතු කරන බව දැනුම්දී ඇති බව ද සඳහන් කළේය.
මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අධිකරණ නියෝගයට පටහැනි බැවින් අධිකරණයට අපහාස කිරීම යටතේ නැවත නඩුවක් පවරණ බවද කපිල නාඔටුන්න වැඩිදුරටත් කීය.
216 Views
Comments