මෛත්‍රී දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගයට අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

මෛත්‍රී දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගයට අවසර

මෛත්‍රී දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගයට අවසර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රෝයල් පාර්ක් සිද්ධියට මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශාමන්ත නමැත්තා හට ජනාධිපති සමාව දී තිබුණි.

 

එලෙස ජනාධිපති සමාව ලබා දීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

 

ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදී තිබේ.

views

220 Views

Comments

arrow-up