කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉවතට

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති හෂාන් දිසානායක මහතා එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
එතුමා අද(16) පෙරවරුවේ සේවයට වාර්තා කළ පසු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නව සභාපතිවරයෙකු ට අද සිට වැඩ භාර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස දැනුම් දී තිබූ බවයි සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි සිදුවන දූෂණ වංචා විමර්ශනය කිරීම හේතුවෙන් තමාව කිසිදු දැනුවත් කිරීමකින් තොරව මෙලෙස ධුරයෙන් ඉවත් කර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
269 Views
Comments