අයි.එම්.එෆ් ගිවිසුමේ සංවේදී තැන් තියනවා - කථානායක
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

අයි.එම්.එෆ් ගිවිසුමේ සංවේදී තැන් තියනවා - කථානායක

අයි.එම්.එෆ් ගිවිසුමේ සංවේදී තැන් තියනවා - කථානායක

 

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමේ බදු සංවේදී කාරණා ගණනාවක් ඇතුළත් වන හෙයින් මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා තමාට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

 

කතානායකවරයා මෙසේ පැවසුවේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

 

අපි ඒ ගිවිසුම සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා.ඊට කලින් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මේවා හංගලා කරන්න බැහැ. විවාදයට පෙර මේක අපේ මේසවල තියෙන්න ඕන. රට වැටිල තියෙන තත්ත්වය අපි දන්නවා. ඒ නිසා අපි උදව් කරන්න සූදානම්. නමුත් ගිවිසුම් හංගන්න එපා.

 

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා;

 

මම මේ ගැන අද උදේ මහ බැංකු අධිපතිතුමා සමග සාකච්ඡා කළා. එතුමාගේ විරෝධතාවයක් නැහැ. අධිපතිතුමා ඕන වෙලාවක මේ වාර්තාව දෙන්න සූදානම්. නමුත් ඒකෙ අවසාන තීරණය තියෙන්නෙ මුදල් ඇමතිතුමා ළඟ. බදු සංවේදී කාරණා ඇතුළත්වීම ඊට හේතුවයි. කලින් ප්‍රකාශ කළ නොහැකි යෝජනා කිහිපයක් තිබෙනවා. මුදල් ඇමැතිතුමා සමඟ සාකච්ඡා කර ඒ ගැන තීරණයක් ගන්න කියල එතුමා මට දැනුම් දුන්නා.

views

182 Views

Comments

arrow-up