හැඳුනුම්පත් සහ ජංගම දුරකථන උකසට ගෙන කුඩු දුන් ජාවාරමා මාට්ටු

මවගේ හැඳුනුම්පත හොරෙන් අරගෙන එය ඇපයට තබා කුඩු ලබාගත් තරුණයා හා අනෙක් අයවළුන් සොයා ගැනීමට පිටබැද්දර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ජංගම දුරකථන සහ ජාතික හැඳුනුම්පත් ඇපයට තබාගෙන හෙරොයින් අලෙවි කරන ජාවාරාම්කරුවෙක් ලක්ෂ 10ක හෙරොයින්, හැඳුනුම්පත් 06ක්, දුරකථන 11 ක්, මුදල් තොගයක්ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පිටබැද්දර පොලිසිය කියයි.
දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරක් අනුව වල්ලපට්ටා කැපීමට ගන්නා කියත් දෙකක් අතැතිව පුද්ගලයකු මිල්ලගාහේන රක්ෂිතයට ඇතුළු වී යම් අපරාධයක් සිදුකරන බවට දැනුවත් වීමෙන් පසු එම සැකකරු වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 06 ක් සමග අත්අඩංගුවට ගෙන පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී සැකකරුගේ ජංගම දුරකථනය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ගැන පොලිසියට සැක සිතී ඇත.
පසුව ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂාවේදී සූක්ෂමව සඟවා තිබූ හෙරොයින් තොගයක් සොයා ගැනීමත් සමග ඒ හරහා ලැබුණු තොරතුරු ඔස්සේ මෙසේ දෑරංගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
එම සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 7000ක්, ගෙවත්තක තේ වගාව මුවාවෙන් වගාකොට ඉතා සාරවත්ව වැවී තිබූ ගංජා පැළ 17 ක් නිවසේ අල්මාරියේ තිබූ මුවෙකුගේ අං තට්ටුවක කොටස් සමග මෙම ජාවාමෙන් ඉපයු බව කියන මුදල් නෝට්ටු තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත්වී තිබුණි.
ගණුදෙනුකරුවෝ පසුව මුදල් දෙන බවට පොරොන්දුව මත ඇපයට තබාගෙන තිබූ හැඳුනුම් පත් 06 ක් සහ ජංගම දුරකථන 11 ක් සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් කීය.
285 Views
Comments