"සමයං"ගේ වෙඩික්කරු "ඉන්ද්‍රා" පොලිස් වෙඩි පහරින් මරුට (PHOTOS)

හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන "සමයන්ගේ" කණ්ඩායමේ වෙඩික්කරුවෙකු වූ ඉදුනිල් වජිර කුමාර හෙවත් "ඉන්ද්‍රා" නමැත්තා පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව තිබේ.
අත්අඩංගුවේ පසු වූ ඔහු ඉන් මිදී පලායාමට උත්සහ කිරිමේදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (28) රාත්‍රියේ නවගමුව ප්‍රදේශයේ දී ඔහු මෙලෙස පොලිස් අත්අඩංගුවෙන් පලායාමට උත්සහ දරා ඇති අතර එහිදී වෙඩි තැබිම සිදුව තිබේ.
පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, කප්පම් ගැනිම් ආදි චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහු පසුගිය දා හෙරොයින් ග්‍රෑම් 10ක් ද සමග නවගමුව ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
1203 Views
Comments