බෞද්ධ විශ්වවිද්‍යාල 2ක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

මහා සංඝරත්නයේ ඉල්ලීම් මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හා බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා තීරණය කර තිබේ.
එම විශ්වවිද්‍යාල දෙක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත්කිරීමේ හැකියාව සොයා බැලීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමුවිය. බෞද්ධ උපදේශන සභාවේ පස්වැනි සභා වාරයේදී ජනාධිපතිතුමා මෙම තීරණය ගනු ලැබීය.
හමුව, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. පිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු නිරාකරණයට හා දහම් පාසල් අධ්‍යාපනයට ක්‍රමවත් වැඩපිළිවෙළක් හා නියාමනය තුළින් එය ගුණාත්මක තත්වයට පත් කිරීමට ජනාධිපතිතුමා ගන්නා උත්සහ මහා සංඝරත්නයේ ප්‍රසාදයට ලක්විය.
ජනාධිපති උපදේශන සභා වාර 4කදී මහා සංඝරත්නය කළ යෝජනා සහ අනුශාසනා සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය ඉදිරි සභාවේ දී ඉදිරිපත් කරන බව ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පැවසීය.
855 Views
Comments