05 දෙනෙකුට මරු කැඳවූ අලව්ව මාරක රිය අනතුර

කුරුණෑගල, අලව්ව මාර්ගයේ වළකුඹුර ප්‍රදේශයේදී අද(22) අළුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.
ටිපර් රථයක් සහ කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ, කුරුණෑගල සිට අලව්ව දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක් සහ අලව්ව දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
වරකාපොල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී යළි නිවෙස් වෙත ගමන් කරමින් සිටි පිරිසක් මෝටර් රථයේ සිට ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
853 Views
Comments