ගෝඨාගේ මිරිහාන නිවෙසට විශේෂ ආරක්ෂාවක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ට ඊයේ(19) උපදෙස්දී ඇත.
එසේම හිටපු ජනාධිපතිවරයාගේ නිවෙස අවට ප්‍රදේශය ගැන විශේෂ සෝදිසියකින් පසුවන ලෙසද වැඩිදුරටත් දැනුම්දී ඇත.
එම ප්‍රදේශයේ ඊයේ (19) පැවැති පොලිස් නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මෙසේ උපදෙස්දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ඒ මහතාගේ ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාගෙන් අද අප කළ විමසුමකදී ඔහු පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා දින කිහිපයකින් මෙරටට පැමිණෙන බවයි.
173 Views
Comments