බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා ඇපමත නිදහස්

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(16) නියෝගකර තිබේ.
බදියුදීන්ගේ නිවසේ 2016 වසරේදී සේවය කළ තරුණියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව මොහොමඩ් ෂියාබ්දීන් අත්අඩංගුවට ගෙන පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටද නියෝග කර සිටියේය.
757 Views
Comments