ලංගමට දිනකට රුපියල් කෝටි හතරහමාරක පාඩුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
09

ලංගමට දිනකට රුපියල් කෝටි හතරහමාරක පාඩුවක්

ලංගමට දිනකට රුපියල් කෝටි හතරහමාරක පාඩුවක්

කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි හතරහමාරකින් පමණ පහත වැටී ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේය.

 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍යය දෛනික ආදායම රුපියල් කෝටි අටහමාරක් පමණවූ බවත් කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් එය රුපියල් කෝටි හතර දක්වා පහත වැටී ඇති බවත් සභාපතිවරයා කීවේය.

 

එමෙන්ම දෛනකිව ධාවනය වන ලංගම බස්රථ 5200ක ප්‍රමාණය 4200 දක්වා අඩු වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

උපරිම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් බස්රථ ධාවනය කරන ලෙසට සියලු‍ම ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස් ලබාදී තිබෙන බවද කිංස්ලි රණවක මහතා අවධාරණය කළේය.

views

808 Views

Comments

arrow-up