හැටන් - නුවරඑළිය මාර්ගයට මාර ගසක් වැටී ගමනාගමනයට බාධා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
02

හැටන් - නුවරඑළිය මාර්ගයට මාර ගසක් වැටී ගමනාගමනයට බාධා

හැටන් - නුවරඑළිය මාර්ගයට මාර ගසක් වැටී ගමනාගමනයට බාධා

හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශිය රෝහල ආසන්නව පිහිටි මාර ගසක් අද(02) දහවල් ප්‍රධාන මාර්ගයට කඩා වැටී එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැයක පමණ කාලයක් නතර වී තිබූ බව දිඹුල පොලිසිය සඳහන් කරයි.

 

ප්‍රධාන මාර්ගය අසල මාර ගස් කිහිපයක් ඇති බවත් එම ගස් අතරින් එක් ගසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

 

මාර ගස දිරාපත්වී තිබීම නිසා ප්‍රධාන මාර්ගයට කඩා වැටෙන්නට ඇති බවත්, ගස වැටිමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවි නොමැති බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

views

943 Views

Comments

arrow-up