වැලන්ටයින්දා බාලවයස්කාර දැරිය රවටා ගැබිනියක කර සැඟව සිටි නරුමයා අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
26

වැලන්ටයින්දා බාලවයස්කාර දැරිය රවටා ගැබිනියක කර සැඟව සිටි නරුමයා අල්ලයි

වැලන්ටයින්දා බාලවයස්කාර දැරිය රවටා ගැබිනියක කර සැඟව සිටි නරුමයා අල්ලයි

වයස අවුරුදු පහළොවක් වූ බාලවයස්කාර දැරියක් රවටාගෙන ගොස් ගැබිනියක් කර සැඟවී සිටි වයස අවුරුදු විසි එකක පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හාලිඇල පොලිසිය සමත්ව තිබේ.

 

හාලිඇල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලක එකොළහ වසරේ ඉගෙනුම ලබන හාලිඇල, පනාකන්නිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් මෙසේ ගැබිනියක් බවට පත්කර තිබේ.

 

මෙම දැරිය ගැබියක් බවට පත්කළ බවට සැකකල හාලිඇල ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 21ක තරුණයෙකු බදුල්ල ප‍්‍රදේශයේ සැඟවී සිටියදී හාලිඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 දැරියගේ උදරයේ අමාරුවක් සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම දැරියගේ උදරයේ මාස පහක නිවුන් දරුවන් දෙදෙනකු ඇති බවට වෛද්‍යවරයා විසින් පැවසීමෙන් පසු මේ පිළිබඳව දැරියගේ මව විසින් හාලිඇල පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

 

ඉකුත් පෙබරවාරි දහහතර වනදින පෙම්වතුන්ගේ දිනයේ මෙම පුද්ගලයා විසින් බාලවයස්කාර දැරියව බදුල්ල ප‍්‍රදේශයේ ලැගුම්හළකට රැගෙන ගොස් අපයෝජනයකර ඇතයි පොලිස් පරීකෂණවලදී අනාවරණය වී තිබේ.

 

සිය මිතුරියකගේ නිවසකට යන බව පවසා මෙම බාල වයස්කාර දැරිය නිවෙසෙන් පිටව ගොස් තිබෙන අතර මෙම තරුණයා විසින් දැරියව දින තුනක කාලයක් දිවා රාත‍්‍රි දෙකේදීම බදුල්ල නගරයේ ලැඟුම්හළක රඳවා තබාගෙන අපයෝජනයට ලක් කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 

හාලිඇල පොලිසියට ලද තොරතුරක් මත බදුල්ල ප‍්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු බදුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
 

views

1600 Views

Comments

arrow-up