13 හැවිරිදි දැරියක් දූෂණය කළ විහාරස්ථානයක විහාරාධිපති ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

ගම්පහ පදිංචි වයස අවුරුදු 13ක දැරියක් නිත්‍යානුකුල භාරකත්වයෙන් අපහරණයට ලක් කිරීමක් සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත හිමිනමක් සහ තවත් සැකකාර පුද්ගලයන් 03 දෙනෙක් ඊයේ(18) දින අත් අඩංගුවට ගෙන තිබේ.
රාජගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක 39 හැවිරිදි විහාරාධිපති හිමිනමක් සහ තවත් සැකකාර පුද්ගලයන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
බාලවයස්කාර දැරියව දණ්ඩ නිතී සංග්‍රහයේ 352 වගන්තිය අනුව නිත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කිරීම යන අපරාධය යටතේ සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇත.
මෙම සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
තම දූවරුන් පිළිබඳ විශේෂයෙන්ම මව්වරුන් සහ පියවරුන් ඉතා සුපරික්ෂාකාරී වන ලෙසත්, මෙවැනි ආකාරයේ අපයෝජනයන් තම දරුවාට ඉතා සමීප සහ දරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින තැනැත්තන් අතින් සිදුවීම බහුලව වාර්තාවන බැවින් දෙමාපියන් තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ගැනීම තුළින් මේ ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් වලින් තම දියණියන් ආරක්ෂාකර ගැනීමේ හැකියාව පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කර සිටියේය.
2523 Views
Comments