තම දරුවා මැරූ මව රහසේම මිය යයි

පසුගිය 10 වන දින මෙම කාන්තාව අධික රුධිර වහනයක් සහිතව මියගොස් ඇති අතර පසුව රෝහල් ගත කරනවිටත් ඇය මිය ගොස් ඇත.අැඹිලිපිටිය රෝහල විසින් දැනුම් දී ඇත්තෙ මෙය සැකසහිත මරණයක් බවත් මරණ පරීක්ෂණයට මෘතදේහය චේදනය කිරීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය බවටත්ය.
පසුව පොලිසිය විසින් ඇඹිලිපිටිය, කුට්ටිගල-කච්චිගල ප්‍රදේශයේ ගබ්සාව සිදු කරගත් කාන්තාව සිටි නිවසේ පොලිස් විමර්ශන අරඹා ඇත.
මූලික විමර්ශනවලින් අනතුරුව අදාල කාන්තාවගේ නිවස පිටුපස වලදා තිබූ නොමේරූ ළදරු කළලයක් සොයා ගෙන ඇත.
ඒ අනුව අදාල කළලය සහ කාන්තාවගේ මෘත දේහය අද දින පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කළ බව පොලීසිය සදහන් කරයි.
මිය ගිය කාන්තාව 29 හැවරිදි දෙදරු මවක් වන අතර ඇගේ කුඩාම දරුවාගේ වයස මාස 07කි.
අදාල කාන්තාවගේ සැමියා කොරෝනා මර්ධන එන්නත් ලබා ගැනීමට නිවසින් බැහැරට ගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පොලිසිය මගින් සිදු කරයි
923 Views
Comments