යුගදනව් බලාගාරයේ කොටසක් ඇමරිකාවට

කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ කොටසක් මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවට ඇමරිකානු සමාගමක් අනාවරණය කර ඇත.
මෙහිදී එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ කෙරවලපිටිය යුගදනව් විදුලි බලාගාරයේ 40% ක රජය සතු කොටස් මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව නිව් ෆෝට්රෙස් එනර්ජි නැමැති ඇමරිකානු සමාගම අනාවරණය කරයි.
ඒ අනුව දැනටමත් මෙම බලාගාරය සඳහා භාවිත කරන ස්වාභාවික වායු හෙවත් එල් .එන් . ජී සැපයීමට මූලික ගිවිසුමකට එළඹ ඇති බවයි.
දැනටම බලාගාරයේ බහුතර කොටස් විදුලිබල මණ්ඩලයට අයත් උප සමාගමක් සහ මහා භාණ්ඩාගාරය සතු වේ.
දැනටම බලාගාරයෙන් ජාතික පද්ධතියට එක්කරන මෙගා වොට් ප්‍රමාණය මෙන් තුන්ගුණයක් 2025 වන විට පුළුල් කිරීමට යෝජිත අතර මෙරටේ තිරසාර සංවර්ධනයටත් ආර්ථිකයේ පිබිදීමකටත් උර දෙනු ඇතැයි ඇමරිකානු සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෙස් ඊඩ්න් මහතා පවසයි.
791 Views
Comments