නිරුවත් ඡායාරූප ප‍්‍රසිද්ධ ස්ථානවල අලවන බව කියා පුංචි දැරිය වසර තුනක් තිස්සේ කෙළෙසූ සැකකරු රිමාන්ඩ්

දිවුලපිටිය, පිටිපනවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණු අතර ඔහු ජේ. පී. නිලංග සඳරුවන් නමැති 31 හැවිරිදි අයෙකි.
මිනුවන්ගොඩ පොලිස් වසමේ පදිංචි අවුරුදු 15 යි මාස 01ක් වයසැති බාලවයස්කාර දැරිය සමඟ 2019 වර්ෂයේදී පේ‍්‍රම සම්බන්ධතාවක් ආරම්භ කර ඇති මෙම සැකකාර පුද්ගලයා 2019 වර්ෂයේදී දැරිය උත්තාරුව ප‍්‍රදේශයේ හෝටලයක් වෙත රැගෙන ගොස් ලිංගික අතවර කර ඇති බව අධිකරණයේදී සඳහන් විය.
එහිදී සැකකරු දැරියගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇයව සහ ඇයගේ දෙමාපියන්ව බියගන්වමින් වසර 03කට ආසන්න කාලයක් දැරියට ලිංගික අතවර කර ඇත.
කොළඹ ළමා සහ කාන්තා නිවාරණ කොට්ඨාසයෙන් කළ දැනුම්දීමක්මත සැකකරු ජංගම දුරකථන 02ක් සමඟ අත්අඩංගුවට ගත් බව පැමිණිල්ල මෙහෙයවමින් මිනුවන්ගොඩ පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
6223 Views
Comments