සහල් මිල රු. 50 -75 අතර මිලකින් අඩුවෙයි

සම්බා සහ කීරි සම්බා මිල ලබන සතියේදී රුපියල් 50 ත්75 ත් අතර මිලකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
වැඩි මිලට සහල් අලෙවිකලහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගත් පසු අදාල සහල් මිල නියම කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සියයට අසූවක් පමණ ජනතාවක් පරිභෝජනය කරන නාඩු සහල්වල මිල රුපියල් 100ට අඩු මට්ටමකට ගෙන එන බවද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
වී මිල සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සමඟ එකඟතාවයකට පැමිණි අයුරින් ලබන සතියේ සහල් මිල සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කරන බව කී අලුත්ගමගේ මහතා මේ අනුව ඉතිහාසයේ පළමුවරට හාල් මිල පාලනය සඳහා ආණ්ඩුව සක්‍රීයව දායක වන බවද අවධාරනය කළේය.
900 Views
Comments