සාස්තරකරුගේ බොරුව අසා මව දියණියගේ දරුගැබ විනාශ කරයි - සාස්තරකාරයා නිදැල්ලේ

දියණියගේ ප‍්‍රථම දරු උපතින් පසු තම දියණිය මියයන බවට ජ්‍යොතිශවේදියකු පැවසූ බොරු අනාවැකියක් හේතුවෙන් 51 හැවිරිදි මව සිය විසිතුන් හැවිරිදි ගැබිනි දියණිය බලහත්කාරයෙන් රැගෙන ගොස් දින 05ක් තිස්සේ රහසිගතව රඳවා තබාගෙන ඇගේ දරු ගැබ විනාශ කළ බවට චෝදනා ලැබූ කාන්තාවක් කිරිබත්ගොඩ පොලිසිය විසින් ඉකුත් 23 දා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාවගේ දියණිය මීට වසර පහකට පමණ පෙර පේ‍්‍රම සම්බන්ධතාවයකින් විවාහවී ඇති අතර ඇය කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය නාහේන ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.
එම විවාහය පිළිබඳව මෙම කාන්තාව දැඩි අප්‍රසාදයකින් පසුවී ඇති අතර පසුව එම කාන්තාව ජ්‍යොතිශවේදියකු හමුවී දියණියගේ විවාහය පිළිබඳව අනාවැකියක් අසා දැනගෙන තිබේ.
එහිදී එම ජ්‍යොතිශ්‍යවේදියා පවසා තිබෙන්නේ ඇගේ දියණියට වයස අවුරුදු 24යි මාස 10 යනතුරු දරුවකු ප‍්‍රසුත කිරීමට සුදුසු නැති බවත් ඊට පෙර ගැබ් ගැනීමක් වුවහොත් පළමු දරු උපතේදී එම මව හෝ උපදින දරුවා මියයන බවයි.
මෙම අනාවැකියත් සමග සිය දියණිය ගැබ්ගන්නා තෙක් දැඩි විමසිල්ලෙන් පසුවූ ඇය තම දියණිය ගැබ් ගැනීමෙන් පසුව එම දරුගැබ විනාශ කිරීමට උපායක් සොයමින් සිට තිබේ.
ඒ අනුව දියණියගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවකදී පසුගිය 15වනදා තවත් දෙදෙනකුගේ සහාය ඇතිව වෑන් රථයකින් පැහැරගෙන ගොස් කෑගල්ල ප‍්‍රදේශයේ නිවසක් තුල රහසිගතව දින 05ක් රඳවා තබාගෙන වත්තල ප‍්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් බව කියන ස්ථානයකින් ලබාගත් දරුගැබ විනාශ කළ හැකි විෂ සහිත පෙති වර්ගයක් තම දියණියට බලහත්කාරයෙන් පොවා තවත් පෙති හතරක් බලහත්කාරයෙන්ම ඇගේ යෝනි මාර්ගයට ඇතුළු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
පසුව දියණිය තම මව නිවසේ නොමැති අවස්ථාවක රඳවා සිටි නිවසින් පැන ගොස් කෑගල්ල නගරයට පැමිණ තම සැමියාට දුරකථන ඇමතුමක් ලබාදී තමාට සිදුවූ කරදරය පවසා ඇත.
ඒ අනුව ඇගේ සැමියා වහා කෑගල්ලට ගොස් ඇයව රැගෙන පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් කරඇත.
පසුව පෑලියගොඩ පොලිසිය විසින් මෙම පැමිණිල්ල විභාග කිරීමට කිරිබත්ගොඩ පොලිසිය වෙත භාරදී තිබේ. ඒ අනුව පසුගිය 23 වනදා පැහැර ගැනීම සහ දරුගැබ විනාශ කිරීම සම්බන්ධයෙන් සැකකාර කාන්තාව කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව රජයේ ප‍්‍රධාන පෙළේ ආයතනයක කළමනාකරණ සහකාර සේවයේ නියැත්තියක් බවද පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවටගත් කාන්තාව මහර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
1446 Views
Comments