ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ අනුපාතය 10 ගුණයකින් ඉහළයි - මහාචාර්ය සුනෙත් අංගම්පොඩි

ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන සම්බන්ධයෙන් සංසාධනාත්මකව බැලීමේදී එය ඉන්දියාවෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාවට සාපෙක්ෂව 10 ගුණයකින් වැඩි බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා සඳහන් කරයි.
දෛනික ගෝලීය කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් වන දත්ත වාර්තා අනුව මහාචාර්යවරයා ප්‍රකාශකර සිටියේ ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආසාදිතයින් වාර්තාවීම සිව් ගුණයකින් වැඩි බවයි.
වාර්තාවන ආසාදිතයින් අතරින් මරණයට පත්වීමේ අනුපාතය ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ 03 ගුණයකින් ඉහළ අගයක් ගන්නා බවද මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඉන්දියාවේ කොවිඩ් - 19 ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට පැමිණි අවස්ථාවේ වාර්තාවූ කොවිඩ් මරණ වලට සාපේක්ෂව දැනට ශ්‍රී ලංකාවේ සිදුවන කොවිඩ් මරණ ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බවද මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේය.
796 Views
Comments