අරගලයට බීච් පාටිය කියපු කෙනා ඉල්ලා අස්වුණා – අද දෙරණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
20

අරගලයට බීච් පාටිය කියපු කෙනා ඉල්ලා අස්වුණා – අද දෙරණ

අරගලයට බීච් පාටිය කියපු කෙනා ඉල්ලා අස්වුණා – අද දෙරණ

පසුගියදා දෙරණ 24 නාළිකාවේ විකාශය වූ ‘State of The Nation’ වැඩසටහනෙහි නිෂ්පාදකවරයා සහ නිවේදකයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බව දෙරණ මාධ්‍ය නාලිකාව නිවේදනය කරනවා.

 

අදාළ වැඩසටහනේදී තරුණ පිරිස් ගාලු මුවදොර පවත්වන විරෝධතාවය හැදින්වූයේ වෙරළ සාදයක් (Beach Party) ලෙසයි.

 

එම වැඩසටහන ඉදිරිපත් කළ මහීෂ් ජොනී නැමැත්තා අදාළ විරෝධතා දැඩිව විවේචනය කළ අතර විරෝධතාකරුවන්ව තකතීරුවන් ලෙසද හැදින්වූවා.

 

මේ හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දෙරණ නාලිකාවට දැඩි විවේචනයක් එල්ලවූ අතර ජංගම දුරතනයට කෙටි පණිවුඩයක් ලෙස එන දෙරණ News Alerts අක්‍රීය කිරීම, දෙරණ Youtube නාලිකාව Unsubscribe කිරීම, Google Review හී දිලිත් ජයවීර මහතාට අයත් හෝටල්වන Citrus Waskaduwa හා Citrus Hikkaduwa වැනි හෝටල්වලට විරෝධය පලකිරීම වැනි ක්‍රියාමාර්ග රැසක් සමාජ මාධ්‍ය පරිශීලකයන් ගනු ලැබූවා.

views

660 Views

Comments

arrow-up