නිවසට පැමිණ ගොවියා මරා සිරුර ඔසවාගෙන යමින් සිටි අලියාත් ළිඳකට වැටී මරුට

වන්නි හත්පත්තුව යනුඅලි මිනිස් ගැටුම් සුලබව ඇති ප්‍රදේශයකි. වසරකට සැලකිය යුතු අලි මිනිස් ජීවිත ප්‍රමාණයක් රටට අහිමිව ගියත් වගකිවයුතු කිසිදු පාර්ශ්වයක අවධානයක් මේ වෙත යොමු නොවීම හේතුවෙන් ඊයේ (12) අලූයම් කාලයේදී අඔන්පොල ප්‍රදේශයේ තවත් ගොවි මහතෙකුගේ හා අලියෙකුගේ ජීවිත රටට අහිමි විය.
අඹන්පොල, වඳුරැස්ස ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි දෙදරු පියෙකු වන කේ. එස්. රණතුංග ගොවි මහතාගේ ගෙවත්තට ඊයේ(12) අලූයම වන අලියෙකු පැමිණ තිබෙන අතර අලියාව එළවා දැමීමට ඔහු දැරූ උත්සාහයේදී අලියාගේ පහර කෑමට ලක්වී එම ස්ථානයේම ඔහුට ජිවිතය අහිමි වී ඇත.
මීට මාසයකට පමණ පෙරද මෙම ග්‍රාමයේම පැල් රැකීමට හේනට ගොස් සිටි තරුණ යුවළකටද මෙම අලියා විසින් පහරදීමෙන් තරුණයා ජිවිතක්ෂයට පත්විය. රණතුංග මහතාට පහරදී ඔහුව හොඬෙන් රැගෙන යන අවස්ථාවේ ඔහුගේ නිවසේම තිබූ අඩි 35ක් පමණ ගැඹුර ජලය පිරී තිබූ ළිඳකට වැටීමෙන් ගෙල කැඩී යාමෙන් වන අලියාගේද දිවි තොරවී ඇත.
වනජීවී නිලධාරීන් පැමිණ බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් පැය 10ක පමණ මෙහෙයුමකින් අනතුරුව අලියාගේ දේහය ගොඩට ගෙන තිබේ.
758 Views
Comments