අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
13

අද කාලගුණය

අද කාලගුණය

පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී.

 

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසිඇතිවේ.

 

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

 

සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (13) දහවල් 12:11 ට තායිලියන්කුඩිඉරිප්පු (මන්නාරම දිස්ත්‍රික්කය), කනකරායන්කුලම්, නෙඩුන්කේනි (වව්නියා දිස්ත්‍රික්කය) සහ නඩ්ඩියන්කන්ඩාල් (මුලතිව් දිස්ත්‍රික්කය) යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කන්කසන්තුරය සිටමන්නාරම, පුත්තලම, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසිද ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි.

 

සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. කන්කසන්තුරය සිටමන්නාරමදක්වාත් හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (35-40) දක්වා වැඩිවිය හැක.

 

කන්කසන්තුරය සිටමන්නාරමදක්වාත් හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට තරමක්   රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශමද වශයෙන් රළු වේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

699 Views

Comments

arrow-up