පාර්ලිමේන්තු ආහාර වේලේ මිලත් ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

පාර්ලිමේන්තු ආහාර වේලේ මිලත් ඉහළට

පාර්ලිමේන්තු ආහාර වේලේ මිලත් ඉහළට

ගෑස් ඉන්ධන කිරිපිටි එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගේ, සේවකයන්ගේ සහ අමුත්තන්ගේ ආහාර වේල්වල මිලද පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මේ මාසයේ සිටම වැඩි කරනු ලැබ ඇත.

 

 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර වේලේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

 

 

මන්ත්‍රීවරුන්ගේ ආහාර වේලේ මිල පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉදිරියේදී රැස්වී තීරණය කරනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක්  පැවැසීය.

views

670 Views

Comments

arrow-up