JAN
04
පළාත් සභා ඡන්දය දැන්ම බෑ – ඇමති දිනේෂ්

නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව, මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත.
දැනට සම්මත කරගෙන ඇති පනතේ අඩුපාඩු ගණනාවක් පවතින බැවින් එම පනත යටතේ මැතිවරණය පැවැත්විය නොහැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.
අදාල පනත සම්පූර්ණයෙන් ඉවත් කළයුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලා.
691 Views
Comments