රට ගිය මව වෙනත් පුරුෂයෙක් සමඟ ගිහින් - කුඩු ගහන නරුම පියා 09හැවිරිදි දියණිය දූෂණය කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

රට ගිය මව වෙනත් පුරුෂයෙක් සමඟ ගිහින් - කුඩු ගහන නරුම පියා 09හැවිරිදි දියණිය දූෂණය කරයි

රට ගිය මව වෙනත් පුරුෂයෙක් සමඟ ගිහින් - කුඩු ගහන නරුම පියා 09හැවිරිදි දියණිය දූෂණය කරයි

වයස අවුරුදු 09යි මාස 02 ක්වූ තම ලෙයින් උපන් දියණිය දූෂණය කළ මත්කුඩු වලට තදින් ඇබ්බැහිවූ 44 හැවිරිදි පියෙකු පසුගිය 24 වන දින කැකනදුර ප්‍රදේශයේදී ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම සැකකාර පියා සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කැකනදුර නාකුට්ටිය ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුගේ බිරිඳ කලක් විදෙස්ගතව සිට මෙරටට පැමිණ වෙනත් පුරුෂයෙකු සමඟ කොළඹ ප්‍රදේශයේ ජීවත් වන අතර මෙම බාලවයස්කාර දැරිය සැකකාර පියාගේ භාරයේ සිට ඇති බව පොලිසිය කියයි.

 

පසුගිය ඔක්තෝබර් මාසයේදී අවස්ථා කීපයකදීම සැකකරු තම දියණිය දූෂණය කර ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කර ගෙන ඇත. 

 

අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට හුරුවී සිටින මෙම සැකකරු මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙකු බව පොලිසිය සඳහන් කරයි.

 

බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාතර රෝහලට ඇතුළු කර ඇති අතර සැකකරු 25 දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත. 

 

ගන්දර පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

2589 Views

Comments

arrow-up